IMF පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මාර් 22, 2023

    අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් මෙරටට ලැබුණු මූල්‍ය පහසුකම ගෙවුම් ශේෂ පියවීම සඳහා පමණක් නොව, රජය සාමාන්‍ය වියදම් සඳහා ද භාවිතයට ඉඩ ඇති බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, බ්ලූම්බර්ග් පුවත් සේවයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

    ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම ලබාදීමට අනුමැතිය ලබා දීම පිළිබඳ අන්තර් ජාතික මූල්‍ය අරමුදලට සිය ස්තූතිය පළ කරන බවද, ඔහු කියා සිටියා.

    තවද, අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබෙන විස්තීරණ ණය පහසුකම රුපියල්වලට මාරු කර දේශීය අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකියාව පැවතීමේ වැදගත්කම ද මහ බැංකු අධිපතිවරයා සිය සාකච්ඡාවේදී, පෙන්වා දී තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ පවතින උද්ධමන අනුපාතිකය මේ වසර අවසානය වන විට සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇති බවට ද මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරනවා.

    Latest News