උද්දමනයේ සුළු ඉහළයාමක්...

මාර් 21, 2023

    උද්දමනයේ සුළු ඉහළයාමක් මෙම වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ පෙන්නුම්කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    ජනවාරි මාසයේ 53.2 ක් ලෙස පැවති මෙරට උද්දමනය පසුගිය පෙබරවාරි මාසයේදී 53.6%ක් දක්වා සුළු ඉහළයාමක් සිදුව ඇති බවයි වැඩිදුරත් වාර්තාකර ඇත්තේ.   එසේ වුවද පසුගිය ජනවාරි මාසයේදී 53.6% ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ උද්ධමනය පෙබරවාරි මාසයේදී 49% ක් දක්වා අඩුවී තිබෙනවා.  

    ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 52.9% ක අගයේ සිට 57.4% ක් දක්වා වැඩිවී ඇති බවත්,  ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉහළ යාමට ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන මෙන්ම දුම්කොල හා මධ්‍යසාර ඇතුළු තවත් භාණ්ඩ වර්ග රැසක මිල ගණන් ඉහළ යාම බලපා ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

    Latest News