එක්දින සේවාවේදී රියදුරු බලපත්‍ර 50ක් පමණයි

නොවැ 19, 2022

    එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර කාඩ්පත් සංඛ්‍යාව 50ක් දක්වා සීමා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

    බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් හිඟවීම හේතුවෙන් පසුගිය දිනවලදී රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලැබුවේ තාවකාලික රියදුරු බලපත්‍ර පත්‍රිකාවක් ලෙසයි.

    එලෙස තාවකාලිකව රියදුරු බලපත්‍ර පත්‍රිකා ලක්ෂ 6ක් පමණ නිකුත් කර තිබූ බවයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    ඒ අනූව බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කාඩ්පත් මේ වන විට ලැබී ඇති බැවින් තාවකාලිකව නිකුත් කළ පත්‍රිකා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කරන බවයි, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ.

    Latest News