යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනෙක් මරුට

නොවැ 19, 2022

    මොරන්තුඩුව, ගෝනදූව ප්‍රදේශයේදී ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුවූ යතුරු පැදි අනතුරකින් දී තරුණයන් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.

    මියගිය තරුණයන් දෙදෙනා කළුතර, බණ්ඩාරගම මාර්ගයේ තවත් තරුණයන් පිරිසක් සමඟ විනෝදයට යතුරුපැදි ඒ මේ අත පදවමින් සිටියදී, අධික වේගයෙන් ගමන් ගත් මියගිය තරුණයන් දෙදෙනාගේ යතුරු පැදි මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

    මියගිය තරුණයන් දෙදෙනා සමග යතුරු පැදි පදිමින් සිටි සෙසු තරුණයන් අනතුරක් සමගම පළා ගොස් ඇතැයි ද පොලිසිය පවසනවා.

    මියගොස් ඇත්තේ වාද්දුව, පොතුපිටිය පනාපිටිය පාර පදිංචිව සිටි යසිරු සම්පත් ප්‍රනාන්දු හා වාද්දුව, අරියගම පදිංචිව සිටි සන්දේශ් සුලෝචන පියරත්න නමැති 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්.

    මොරොන්තුඩුව පොලීසියේ නිලධාරීන් පැමිණ බරපතළ තුවාල ලබා මාර්ගයේ වැටී සිටි තරුණයන් දෙදෙනා මොරන්තුඩුව, ගෝනදූව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබෙනවා.

    අනතුරට හේතුව අධික වේගය බවයි, පොලීසිය පවසන්නේ.

    මියගිය තරුණයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර, නාගොඩ මහ රෝහලේ දී අද සිදුකිරීමට නියමිතයි.

    Latest News