අනපේක්‍ෂිත අනතුරකට මුහුණ පා සිටි වනඅලියෙකු බේරා ගැනේ (වීඩියෝ)

නොවැ 18, 2022
  • ‍අනපේක්‍ෂිත අනතුරකට මුහුණ පා සිටි මින්නේරිය රක්ෂිතයේ වනඅලියෙකු ඉන් නිරුපද්‍රිතව බේරා ගැනීමට වනජීවි නිලධාරීන් පි‍රිසක් සමත්වුණා.

    හොඬවැල බැරලයක් තුළට දමා සිටි අතර, එය ආපසු ගැනීමට නොහැකි ‍ලෙස සිරවීමෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සි‍ටියා.

    මෙම වනඅලියා රක්ෂිතයේ නීති විරෝධි ලෙස මත්පැන් නිෂ්පාදනයට භාවිත කළ බැරලයකට හොඬවැල දැමා ආපසු ගැනීමට නොහැකි වීමෙන් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා. මින්නේරිය - යුද හමුදා කඳවුර ආසන්නයට පැමිණ සිටි වනඅලියා පිළිබඳව මොරගහකන්ද වනජිවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව වනඅලියාගේ සිරවී තිබූ හොඬවැල ඉන් මුදා ගැනීමට හැකියාව ලැබුණා. මේ සඳහා ගිරිතලේ පශු වෛද්‍ය ‍එක්කයේ නිලධාරීන් අලුයම 4.00 දක්වා පැය 5 ක මෙහෙයුමකින් පසුව අලියා වනයට මුදා හරිනු ලැබුවා.

     

     

    Last modified on සිකුරාදා, 18 නොවැම්බර් 2022 13:25

    Latest News