යළිත් පුරන් කුඹුරු අස් වැද්දීමේ වැඩසටහනක්

නොවැ 09, 2022

    දිවයිනේ පිහිටි පුරන් කුඹුරු අස් වැද්දීමේ වැඩසටහනක් "ජන අරගලයේ පුරවැසියෝ" සංවිධානය ආරම්භ කර තිබෙනවා.

    ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ඇතිවයි, වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ.


    වැඩසටහන ආරම්භ කෙරුණේ, කළුතර දිස්ත්‍රික්කයෙන්. "ජන අරගලයේ පුරවැසියෝ" සංවිධානයේ නියෝජිතයින් පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා පූර්ණ දායකත්වය ලබා දෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු විශාල ප්‍රමාණයක් පවතිනවා. දිවයිනේ සියලු පුරන් කුඹුරු අස්වැද්දීමෙන් සහල් ආනයනය මුළුමනින්ම නතර කළ හැකි බවට ඔවුන් කියා සිටියා.

    Latest News