ජනපති රනිල්ගෙන් සංවර්ධිත රටවලට චෝදනාවක්

නොවැ 09, 2022

    සංවර්ධිත රටවල් ඔවුන්ගේ දේශගුණික මූල්‍ය දායකත්වයේ වගකීම පැහැර හරිමින් සිටින බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ, "කොප් 27" හෙවත් ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් ජාතික සමුළුවේ දී. ඊජිප්තුවේ පැවැත්වෙන එය, සංවිධාන කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.

    සංවර්ධිත රටවල් ඔවුන්ගේ දේශගුණික මූල්‍ය දායකත්වයේ වගකීම් පැහැර හරිමින් සිටිනවා. යුක්‍රේන යුද්ධයේ දෙපස සිටින මේ රටවලට යුද්ධය සඳහා වියදම් කිරීමට කිසිම පැකිලීමක් නැති බව, පේන්න තියෙනවා. මෙය යුද්ධයේ නියැලී සිටින්නන්ගේ අවශ්‍යතාව මත සිදුවන්නක්. යුද්ධයේ ප්‍රථිඵලයක් ලෙස ඉහළ යන ජීවන වියදම්, තෙල් හා ගෑස් හිඟය මෙන්ම කුසගින්න එරෙහි සටන අපේ නිවාස කරා පැමිණිලා තිබෙනවා.
    ජනාධිපතිවරයා සිදු කළ මෙම දේශනය රොයිටර් මාධ්‍ය ජාලය මෙන්ම "ද හින්දු පුවත්පත් වෙබ් අඩවියේ" සහ "අල්ජසීරා" මාධ්‍ය ජාලය විසින් වාර්තා කර කරනු ලැබුවා.

    Latest News