ජනපති ඊජිප්තුවේ නිල සංචාරයක

නොවැ 06, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේය.

    ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවර අද (6) සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන දේශගුණික විපර් යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවේ දේශනයක් සඳහා එක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊජිප්තු නිල සංචාරයේ මූලික අරමුණයි.

    ලංකාවේ පිහිටුවීමට නියමිත දේශගුණ විපර් යාස පිළිබඳ ලේකම් කාර් යාලය සම්බන්ධයෙන් සහ මෙරට මෙන්ම ලෝක දේශගුණික විපර් වාදයන් සම්බන්ධයෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශනයේදී අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සිව්දින සංචාරයේදී ඊජිප්තු ජනාධිපති ආබ්දල් ෆැටා එල් සිසි ( Abdel Fattah Sissi) සහ අග්‍රාමාත්‍ය මොස්තාෆා මද්බව්ලි (Modtafa Madbouly) මහත්වරුන් හමු වී සාකච්ඡා පවත්වනු ඇති.

    ජනාධිපතිවරයා ඊජිප්තු සංචාරය නිම කර නොවැම්බර් 10 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 06 නොවැම්බර් 2022 10:16

    Latest News