කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව

නොවැ 03, 2022

    2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට තිබෙන නඩුව "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" සඳහා දෙසැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසයි.

    ඊට තමන් විරුද්ධ වන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට දන්වා සිටියා.

    පූර්ව නඩු විභාග අවස්ථාවේදී එම විරෝධතා ඉදිරිපත් කිරීමේ අයිතිය රඳවා ගන්නා බවත් විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියා.

    අනතුරුව නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස 09 වනදා යොමු කිරීමට නියෝග කළ විනිසුරුවරයා එදින අදාල සංශෝධන ඉදිරිපත් කරන මෙන් අල්ලස් කොමිසමට දැනුම් දුන්නා.

    2012 වසරේ මැයි 01 වනදා සිට 30 30 වනදා දක්වා කාලසීමාව තුළ ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කරමින් සිටීයදී සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගාස්තු වශයෙන් ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ සතලිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීව ලෙස නිලධාරීන්ට බල කීරීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීම හරහා අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News