ලයිසන් එකට මොකද වෙන්නෙ ? (වීඩියෝ)

නොවැ 01, 2022
  • පුද්ගලයෙකුට ජාතික හැඳුනුම්පතක් තිබීම අත්‍යවශ්‍ය වගේම තමයි, රියැදුරෙකුට රියදුරු බලපත්‍රයක් තිබීමත්.

    ජාතික හැඳුනුම්පත අස්ථානගත වුනත්, රියදුරු බලපත්‍රයක් තිබෙනවා නම් ඒ අයට, පුළුවන් තමන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න.  මේතරම් වටිනාකමක් ඇති රියදුරු බලපත්‍රයට දැන් මොකද වෙලා තියෙන්නේ ?

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සියලුම වර් ග වලට අයත් රියදුරු බලපත්‍ර සංඛ්‍යාව ලක්ෂ 40 ක් පමණ වනවා.  එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, සෑම වසරකම ලක්ෂ 8 ත් 9 ත් අතර, නව රියැදුරු බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කරන බවයි. මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍ර ලබාගෙන සිටින පිරිස ලක්ෂ 6 කට අධිකයි.  

    මේ අතර, දැනට ඇණවුම් කර ඇති චිප් පත සහිත රියදුරු බලපත්‍ර කාඩ්පත් ලක්ෂ 4 ත් 5 ත් අතර ප්‍රමාණයද බෙදා අවසන් කිරීමෙන් අනතුරුව වඩාත් කාර්‍යක්ෂම හා පහසු සේවාවක් ලබාදීම සඳහා නව කියුආර් කේතය සහිත රියදුරු බලපත්‍රයක් ඉදිරියේදී ලබා දීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 01 නොවැම්බර් 2022 22:22

    Latest News