ඉදිරි දිනවල වැසි තත්වයේ වැඩි වීමක්...

ඔක් 30, 2022

    අද (30) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ, ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය වර්ධනය වීම හේතුවෙන්. උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ‍හෝ ඇති විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

    උතුර, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 කට වැඩි තරමක් වැසි ඇති විය හැකියි. පුත්තලම සිට කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු ස්වභාවයක් ගන්නා බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    Last modified on ඉරිදා, 30 ඔක්තෝබර් 2022 10:32

    Latest News