G7 සහයත් මෙරටට

ඔක් 29, 2022

    ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදයට සහනයක් සැලසීම සඳහා ජී-7 කණ්ඩාය‍මේ සාමාජික රටවල දැඩි අවධානය යොමුවී තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳ ජී.-7 සාමාජික රටවල මෙරට තානාපතිවරු විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා.

    අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා මූලික සාධකයක් වන්නේ ණය ප්‍රතිව්‍යහුගතකරණයයි. ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ග සෙව්බර්ට්  ගේ ප්‍රධානත්වයෙන් තානාපති රැස්වීමක් ඊයේ සවස පවත්වනු ලැබුවා.

    ඊට කැනඩාව, ප්‍රංශය,ඉතාලිය, ජපානය, බ්‍රිතාන්‍ය හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවල තානාපතිවරු සහභාගී වුණා. ට්විටර් පණිවුඩයක් මගින් ජර්මානු තානාපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා‍වේ ප්‍රධාන ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යහුගතකරණ ක්‍රියාවලියට ජී-7 කණ්ඩායමේ රටවල දායකත්වය ලබාදිය හැකි ක්‍රම‍වේද සාකච්ඡාවට ලක්වූ බවයි. ශ්‍රී ලංකාවට සහය දීම සඳහා මිත්‍ර රටවල් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රයත්න දරමින් සිටිනවා.

    Latest News