ලිඳට වැටුනු අලියා ගොඩගත් මෙහෙයුම

ඔක් 25, 2022

    දිඹුලාගල අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයේ ඊයේ (24) අලුයම පාළු වගාළිඳකට වැටීසිටි වන අලියෙකු වෙහෙරගල වනජීවී නිලධාරීන් විසින් මුදා ගැනීමට සමත් වී ඇත.

    පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව ගොඩටගෙන සිළුමිණසෑය රක්ෂිතයට අලියා මුදාහැරීමට කටයුතු කර තිබේ.

    මාදුරුඔය රක්ෂිතයේ සිට වන අලි රංචුවක් පසුගිය 23 දා පිඹුරත්තෑව ප්‍රදේශයට පැමිණ ඇති අතර එම අලි රංචුවෙන් එක් අලියකු මෙම වගාලිදට වැටී ඇති බව වනජීවී නිලධාරීන් පවසයි. වැටුනු අලියාගේ වයස අවුරුදු 50ක් පමන වන බවත් වෙහෙරගල වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ආර්.ආර් .ශාන්ත මහතා සඳහන් කරයි.

    JCB යන්ත්‍රයක ආධාරයෙන් ලිංකට කපා වැටී සිටි අලියා ගොඩ ගැනීමට හැකියාව ලැබුණ බවත්, එම අලියා ගොඩගැනීම සඳහා අරලගංවිල පොලීසිය සහ ප්‍රදේශයේ ගොවීන්ගේ මෙන්ම තරුණයන්ගේ සහාය හිමි වූ බවද ශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News