ආපදා හමුවේ නාවික හමුදාවේ කණ්ඩායම් 36ක් සීරුවෙන්

ඔක් 16, 2022

    අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් සීරුවෙන්.

    දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන වැසි හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් මේ වන විට සූදානමින් තැබීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

    ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත, අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා බටහිර නාවික විධානය ‍මඟින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 02 ක් සහ කළුතර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04 ක් යොමු කර ඇත.

    තවද, අවශ්‍යතාවය මත කඩිනමින් ස්ථානගත කිරිම සඳහා බටහිර නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 21 ක් සහ දකුණු නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 09 ක් ද සූදානමින් තබා ඇත.

    Last modified on ඉරිදා, 16 ඔක්තෝබර් 2022 11:36

    Latest News