සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5 ක මිල පහළ දමයි...

සැප් 23, 2022

    ලංකා සතොස ආයතනය තම පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

    එම මිල ලබන 30 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව, ආනයනික ලොකු ලූනු කිලෝ ග්රෑම් එකක් රුපියල් 150 ක මිලකට ‍සතොස අලෙවිසැල්වලින් මිලදී ගත හැකියි. මීට‍ පෙර එහි මිල රුපියල් 175 ක්. රුපියල් 285 ට පැවති සුදු සීනි කිලෝ එකක් රුපියල් 278 කට අලෙවි කෙරෙනවා. ආනයනික සුදු කැකුළු කිලෝ ග්රෑම් එකක් රුපියල් 179 කටයි අලෙවි කෙරෙන්නේ. එහි පෙර පැවති මිල රුපියල් 185ක්. රුපියල් 194 කට පැවති ආනයනික නාඩු සහල් කිලෝවක් ලබන 30 වැනිදා දක්වා 185 කට ලබා ගත හැකියි. ආනයනික රතු පරිප්පු කිලෝවක් අලෙවි කෙරෙන්නේ, රුපියල් 415කට. එහි පෙර මිල රුපියල් 429 ක්. දිවයින පුරා සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබා ගත හැකියි.

    Latest News