අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කෙරේ

සැප් 23, 2022

    කැබිනට් අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කෙරෙනවා.

    මෙරට මුහුණ පා ඇති ආර්ථික තත්වය සැලකිල්ල ගෙන රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා. එවැනි සංචාරයන් සඳහා අත්‍යවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරී කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගී කර ගත යුතු බවට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ වුණා.

    Latest News