සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ධාන්‍ය ආනයනය අවසර

සැප් 23, 2022

    සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර්ග මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීමට ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අවසර ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

    කුකුල් පාලනයේ නිරත ව්‍යවසායකයින්ට සහන සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.

    සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්‍රික් ටොන් 6 ලක්ෂයක් පමණ අවශ්‍ය වනවා. විදේශ විනිමය හිඟය හේතුවෙන් ජුනි මස අග වන විට මෙරටට ආනයනය කර ඇත්තේ, බඩඉරිගු මෙට්‍රික් ටොන් 38,000 ක් පමණයි. එහෙත්, ලබන දෙසැම්බර් 31 වැනි දිනට පෙර ආහාර නිෂ්පාදන සමාගම් හා සත්ව ආහාර අමුද්‍රව්‍ය අලෙවි කරන්නන් වෙත බඩඉරිඟු මෙට්‍රික් ටොන් දෙලක්ෂ 25,000 ක් ආනයනය කිරීමට රජය බලපත්‍ර නිකුත් කර තිබෙනවා. කෙසේ වුවද, පවතින තත්වය හමුවේ, කුකුළු මස් සහ බිත්තර මිල ගණන් ද වැඩි වී තිබෙනවා. ඊට විසඳුමක් සැපයීම මෙහි තවත් අරමුණක්.

    Latest News