‍ඉන්දීය ජාතික‍ ආරක්ෂක උපදේශක සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්

සැප් 23, 2022

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, සහයෝගීතාව වර්ධනය කිරීමට කැපවන බව, ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

    ඊට අදාළ ක්‍රියාමාර්ග රැසක් ගනිමින් තිබෙන බවයි, එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්, මිලින්ද මොරගොඩ මහතා පවසන්නේ.

    ‍ඉන්දීය ජාතික‍ ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් සහ ඉන්දියාවේ
    ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කෙරුණා. හමුව සිදු වූයේ, නවදිල්ලියේ පිහිටි ජාතික ආරක්‍ෂක උපදේශක කාර්යාල‍යේ දී. එහිදී දෙරටට බලපාන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. ඉන්දියාව හා ශ්‍රී ලංකා අතර සහයෝගීතාව වර්ධනයට ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද, සාකච්ඡා කෙරුණා. ඉන්දියාවේ, ජාතික ආරක්‍ෂාව පිළිබඳ නියෝජ්‍ය උපදේශක වික්‍රම් මිශ්රී සහ නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News