දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

සැප් 23, 2022

    දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහි පෙත්සම් විභාගය කල් යයි.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව ප්‍රදානය කරමින් නිදහස් කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව විභාගය නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    එස් තුරයිරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අදාල පෙත්සම කැපවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

    Latest News