‍‍කළම්බු ඩොක්යාඩ් නිපදවූ භාණ්ඩ ප්‍රවාහන නෞකාව, නෝර් වේජියානු සමාගමකට...(වීඩියෝ)

සැප් 22, 2022
  • කළම්බු ඩොක්යාඩ් ආයතනය විසින් නිපදවන ලද භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් නෝර් වේජියානු පෞද්ගලික සමාගමක් වෙත ඊයේ බාර දෙනු ලැබුවා.

    නවීන තාක්ෂණික නෞකා නිපදවීමට ඩොක්යාඩ් ආයතනයට ඇති හැකියාව ඉස්මතු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය සැලකෙනවා. 2020 වර්ෂයේ නෞකා 4 ක් සඳහාද, 2021 වසරේ තවත් නෞකා දෙකක් සඳහාද ඩොක්යාඩ් ආයතනය අදාළ සමාගම සමග ගිවිසුම් ගතවී තිබෙනවා. මෙම නෞකාවට ටොන් පන්දහසක ධාරිතාවක භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතිනවා. ඩීසල් එන්ජිමට අමතරව, විදුලි බැටරි පද්ධතියකින්ද සමන්විත වි‍ම මෙහි සුවිශේෂත්වයක්.

    මෙය පරිසර හිතකාමී යාත්‍රාවක් ලෙසයි නිපදවා ඇත්තේ. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලාංකීය තාක්ෂණික නිපුණතාවත්, ජපානයේ උසස් ගුණාත්මක භාවයත් එක්මුසු කිරීමට ඩොක්යාඩ් ආයතනයට හැකියාව මනාව පෙන්නුම් කරන්නක්. ගෝලීය සහ දේශීය ආර් ථික පසුබෑම මධ්‍යයේ වුවද, නිෂ්පාදන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඩොක්යාඩ් ආයතනයට හැකිවී තිබෙනවා. මෙය මෙරට කාර් මීකරණය සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන සහ යාත්‍රා නිෂ්පාදන කර් මාන්තය තුළ ජාතික අපනයන තුළින් විදේශ විනිමය ඉපයීමට විශාල දායකත්වයක් ලබා දෙන ආයතනයක්ද වනවා. භාණ්ඩ ප්‍රවාහන නෞකාව නෝර් වේජියානු සමාගම වෙත බාරදීමේ අවස්ථාවට කළම්බු ඩොක්යාඩ් ආයතනයේ සහ අදාළ සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News