‍‍ආහාර නිෂ්පාදනය හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවර ගැනීමට දිස්ත්‍රික් කමිටු රැස්කරන්න - අගමැති

සැප් 22, 2022

    ‍‍ආහාර නිෂ්පාදනය හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවර ගැනීමට සියලු දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු ඉදිරි සතිය තුළ රැස් කරන්නැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම කමිටු සභාපතිවරුන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නා. 

    කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමග  පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති රැස්විමකදීයි, අග්‍රාමාත්‍යවරයා මෙම ‍උපදෙස් ලබා දී ඇත්තේ. 

    ඉදිරියේ දී ඒ, ඒ, දිස්ත්‍රික්කවල කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News