විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සඳහන් කළේ, පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්රමාණවත් බවය.
බාහිර අයදුම්කරුවෙකු නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්රමාණවත් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.