අතුරුදන් වූ අංජනගේ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

සැප් 22, 2022
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදි පසුගිය 16 වැනිදා අතුරුදන් වූ අංජන කුලතුංග නමැති සිසුවාගේ සිරුර ඊයේ (21) පස්වරුවේ මහවැලි ගඟේ තිබියදී හමු වී තිබේ. 
    පසුගිය 16 වැනිදා සිට මෙම ශිෂ්‍යයා අතුරුදන් ව ඇති බවට එම සිසුවාගේ දෙමව්පියන් විසින්  පේරාදෙණිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය සිසුවා සෙවීමෙ මෙහෙයුම් ආරම්භ කළේය.
    මෙලෙස අතුරුදන් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යාව අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
    එම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන තිබුණි.
    ගම්පහ – යක්කල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියෙහි පසුවන මෙම සිසුවා සියදිවි හානී කරගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ. 

    Latest News