වී මිල දී ගැනීමේ ගැටලුව විසඳීමට අගමැතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්...

සැප් 21, 2022

    ගොවීන්ගෙන් වී මිල දී ගැනීම පිළිබඳව මතුව ඇති ගැටලුව විසඳීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්, පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වුණා.

    ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.  වී මිල දී ගැනීම සම්බන්ධයෙන්, පවතින ගැටලුව විසඳාගැනීම සඳහා, රාජ්‍ය බැංකු මගින් ලබාදිය හැකි සහන පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

    Latest News