ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය අතර හමුවක්...

සැප් 21, 2022

    එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගීවිම සඳහා ලන්ඩනයට ගිය  ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් "පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්" මහත්මිය අතර හමුවක් ඊයේ (20) පැවැත්වුණා. 

    පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා චර්ච් හවුස්හි සංවිධාන කර තිබු පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 18 වැනිදා සහභාගි වූ අතර එහිදි ලෝක නායකයින් සමග සුහදව අදහස් හුමාරු කර ගැනීමට අවස්ථාව සැළසුන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

    Latest News