රුධිරයේ සීනි මට්ටම අඩු කළ හැකි නව ඖෂධයක්...

සැප් 21, 2022

    රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් රුධිරගත සීනි මට්ටම අඩු කළ හැකි නව ඖෂධයක් නිෂ්පාදනය කර තිබෙනවා. 

    එම පීඨ ශ්‍රවණාගාරයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී මෙය ප්‍රථමවරට හඳුන්වා දෙනු ලැබුවා.  මහාචාර්ය අනෝජා අත්තනායක,  මහාචාර්ය තිලක් වීරරත්න, මහාචාර්ය කමනි ජයතිලක, ආචාර්ය පියුමි වාසනා යන මහත්ම මහත්මීන් මෙම කණ්ඩායමට ඇතුළත් වනවා. 

    කෝවක්කා ශාඛයේ රසායනිකයක් මගින් රුධිරගත සීනි අඩු කිරීමේ හැකියාව පිළිබඳ පර්යේෂණයක් සඳහා 2017 වසරේදී ජාතික පර්යේෂණ ආයතනයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි මෙම පර්යේෂණය ආරම්භ කෙරුණේ.   එම ඖෂධය සායනික පර්යේෂණය සඳහා යොමු කර තිබෙනවා.  දියවැඩියා රෝගීන් 158 දෙනෙකු යොදාගනිමින් මෙම පර්යේෂණය සිදු කෙරුණා.  මෙය භාවිතයෙන් කිසිදු පුද්ගලයෙකුට අහිතකර බලපෑම් ඇති නොවන අතර, ඖෂධය ලඟදීම වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතයි.

    Latest News