ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක්

සැප් 15, 2022

    ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක් පවතින බවට ‍චෝදනා එල්ල වනවා.

    රුසියාව සහ චීනය ඇතුළු රටවල ප්‍රකාශ උපුටා දක්වමින් ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.

    එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසි වාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙනවා. එය, ඔක්තෝම්බර් 7 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව පිළිබඳව විශ්ලේෂණාත්මක මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා. එහිදී, අවධානය යොමු කර ඇත්තේ, මෙරට ආරක්‍ෂක ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් මතු කොට ඇති කරුණු පිළිබඳවයි. එම කරුණු අනුව, යම් කිසි දේශපාලනික අරමුණු සහිත වැඩපිළිවෙළක් එහි පවතින බවට මාධ්‍ය වාර්තා මගින් දැක් වෙනවා. රුසියාව සහ චීනය ඇතුළු රටවල් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත්තේ ජිනීවා වාර්තා පදනම් කර ගනිමින්. මෙරට ආර්ථික ක්‍ෂේත්‍රය පිළිබඳව පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් එහිලා අවධානය යොමු කර තිබෙනවා.

    Latest News