RMV සේවාලාභීන්ට තවත් පහසුකමක්

සැප් 06, 2022

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට අද සිට සිය ගෙවීම් ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුලු සියලුම විද්‍යුත් කාඩ්පත් මාර්ගයෙන් සිදුකිරීමට පහසුකම් සලසා තිබේ.

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් - සංවර්ධන කුසලානි ද සිල්වා මේ බව කියා සිටියේ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

    ඒ අනුව නව තාක්ෂණයට අනුගත වෙමින් මුදල් භාවිතයකින් තොරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම ගෙවීම් ඉලෙක්ට්‍රොනික කාඩ්පත් මඟින් ගෙවීමට පහසුකම් සලසා ඇති බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News