171,497 දෙනෙකුට මෙවර සරසවි වරම්

අගෝ 29, 2022

    විදුහල්පතිවරුන්ට අද (29) සිට 2021 උසස් පෙළ ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට අවස්ථාව සලසා ඇතැයි, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

    දෙවන හා තෙවනවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ට ලබන පළමුවැනිදා සිට අට වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

    2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵළ ඊයේ (28) නිකුත් කෙරිණ.

    මෙවර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කරුන් 272,682 ක් පෙනී සිටි අතර ඉන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ.

    එමෙන්ම, අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News