සංස්ථා, මණ්ඩල හා රජයේ ව්‍යවසාය ආයතනවල සභාපති සහ නව පත්කිරීම්වලට කමිටුවක්

අගෝ 16, 2022

    රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති තනතුරු සහ නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

    ජනාධිපති ලේකම්, සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව් එම් ඩී ජේ ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරනවා. කමිටුවේ ලේකම්වරයා වන්නේ, ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතායි. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍යනම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව අදාළ නාම යෝජනා ඉහත කමිටුවට ඉදිරිපත් කර, පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. පූර්ව එකඟතාවයකින් තොරව එම ආයතනවල තනතුරු වෙනස් කිරීමට විටින් විට ජනාධිපතිවරයා වෙත කෙරෙන ලිඛිත ඉල්ලීම් සහ ඇතැම් අවිධිමත් පත් කිරීම් පිළිබඳ අවධානය යොමු කරමිනුයි, මෙම කමිටුව පත් කර තිබෙන්නේ.

    Latest News