අම්බලන්තොට වී පර්යේෂණායතයෙන් නව සුදු කැකුළු නාඩු වී ප්‍රභේදයක්

අගෝ 12, 2022

    අම්බලන්තොට රජයේ වී පර්යේෂණායතනය නව සුදු කැකුළු නාඩු වී ප්‍රභේදයක් සොයා ගෙන තිබෙනවා. නව ප්‍රභේදය හැඳින්වෙන්නේ, ඒටී - 378 යනුවෙන්.


    මේ වන විටත් එම වී ප්‍රභේදය ගොවීන්ට බෙදාහැරීමට පියවර ගෙන ඇති බවයි, අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හර්ෂිණී සිරිවර්ධන මහත්මිය සඳහන් කළේ. මාස 3 හමාරක කාලයකින් අස්වනු නෙලාගත හැකි නව වී ප්‍රභේදය මගින් අක්කරයකට වී බුසල් 180 ක පමණ ලබා ගත හැකියි. වසර 13 ක පමණ පර්යේෂණයකින් පසුවයි, මෙම වී ප්‍රභේදය නිපදවා ඇත්තේ. හම්බන්තොට, පොලොන්නරුව, අනුරාධපුරය, මාතර, ගාල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්, මෙම වී ප්‍රභේදය වගා කෙරෙනවා. ගොයම් ගස ශක්තිමත් බැවින්, ගස වැටීමකට ලක් නොවන අතර, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගා කිරීමට මෙය යෝග්‍ය බවයි, අම්බලන්තොට වී පර්යේෂණායතනය පවසන්නේ. සහල් ආශ්‍රිත ආහාර වර්ග නිෂ්පාදනයට ද ඉතාමත් යෝග්‍ය වී වර්ගයක් ලෙස මෙය හඳුනාගෙන තිබෙනවා.

    Latest News