රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට සැකකරුවකු රිමාන්ඩ්

අගෝ 09, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළා.

    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ දන්වා සිටියේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් මෙම සැකකරු අත් අඩංගුවට ගත් බවයි.

    ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත් හදුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කිරිම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කල අතර එදින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස අභියෝග කළා.

    Latest News