අංගොඩ දී මන්ත්‍රීවරයෙකුට වෙඩි තැබූ සිද්ධියේ සැකකරු මරුට

අගෝ 09, 2022

    සංවිධානාත්මක අපරාධ වෙඩික්කරුවෙකු කඩුවෙල - කොරතොට ප්‍රදේශයේ ගල්වළකට ඇඳවැටී මියගොස් තිබෙනවා.

    සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන, කඩුවෙල - වැයික්වත්ත ප්‍රදේශයට රැගෙන යමින් සිටියා. එහිදී, ඔහු පොලීසියෙන් මිදී, පලායාමට උත්සහ කර තිබෙනවා. එහිදී, අනතුර සිදුවී ඇතැයි, පොලීසිය පවසනවා. කඩවත - ඉහළබියංවිල පදිංචිකරුවෙකු වන තුවාන් ෂිරාර් නැමති මෙම සැකකරු, අංගොඩ ලොක්කා නැමති අපරාධකරුගේ සමීපතමයෙකු බව සඳහන්. ඉකුත් සතියේ අංගොඩදී, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඝාතනය ඇතුළු අපරාධ රැසකට මොහු සම්බන්ධ බවයි, හෙළි වී ඇත්තේ‍.

    Latest News