ජෝසෆ් ස්ටාලින් ට ඇප

අගෝ 08, 2022

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය ප්‍රකාශයට පත් කළා.

    පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ, කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ජෝශප් ස්ටාලින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

    Latest News