සංචාරක කර්මාන්තය යළි ස්ථාපිත කිරීමට විශේෂ වැඩසටහනක්...

අගෝ 07, 2022

    කළුතර දිස්ත්‍රික්කය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය යළි ස්ථාපිත කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

    ඒ, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. වැඩසටහන සංවිධාන කෙරුණේ, හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ අදහසකට අනුවයි. වැඩසටහනට අනුව, පානදුර සිට බෙන්තර දක්වා සංචාරක ප්‍රදේශ රාජ්‍ය මැදිහත්වීම මත නැවත ආරම්භ කිරීමට, අවධානය යොමු වී තිබෙනවා.

    ඊයේ පැවති හමුවේදී මේ ගැන සාකච්ඡා කෙරුණා. හමුවට, හෝටල් හිමියන්, ආපන ශාලාකරුවන්, සංචාරක මඟපෙන්වන්නන් එක්ව සිටියා. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාවිතාරණ ඇතුළු නිලධාරීන් ඊට සහභාගී වුණා.

    Latest News