පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ජනපතිට ලිපියක්...

අගෝ 07, 2022

    රටේ පසුගිය කාලපරිච්ඡේදය තුළ පැවති අභාග්‍ය සම්පන්න තත්වය පිළිබඳ බලවත් කණස්සල්ල, වත්මන් ජනාධිපතිතුමාගේ ඉදිරිපත් වීම හේතුවෙන්, මදක් සමනය වෙමින් පවතින බව, ආචාර්ය පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් පවසනවා.

    ලැබී ඇති වගකීම කිසිදු උවඳුරකින් තොරව කරගෙන යාමට උන්වහන්සේ ජනාධිපතිතුමාට ආශිර්වාදය පළ කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් ප්‍රකාශ කරන්නේ, සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිණිස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද ආරාධනය පිළිගෙන රට ආරක්ෂා කර ගැනී‍මේ අරමුණින් ඉදිරිපත්ව, ව්‍යවස්ථානුකූලව ජනාධිපති ධුරය ලබා, නීතිය හා සාමය රකිමින් සිදු කර ගෙන යන කාර්ය භාරය බෙහෙවින් අගය කරන බවයි.

    හිටපු ජනාධිපතිවරයා, තම කාර්ය භාරය වගකීමෙන් ඉටු කළ අවංක නායකයෙකු බව, පෙන්වා දෙන පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන්, හැකි ඉක්මණින් ‍ගෝඨාභය රාජපක්ෂ මහතාට මව්රටට පැමිණීමට සියලු පහසුකම් සහ ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙස, සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News