සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්අඩංගුවට...

අගෝ 07, 2022

    සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ගනේමුල්ල සංජීව නමැත්තාගේ ප්‍රධානතම සහයකයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. වැටලීම සිදු කළේ, එම බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්.

    ගම්පහ මාකවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 30 ක්, කඩුවක්, ජංගම දුරකථන 7ක් හා රුපියල් එක්ලක්ෂ 20,000 මුදලක් ද සොයා ගැනුණා. සැකකරුවන් විවිධ අපරාධ සිදු කරන වෙඩික්කරුවන් සඳහා මෙම ජංගම දුරකථන ලබාදී අවශ්‍ය මඟ පෙන්වීම් සිදු කරන බවයි, පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ. ඔවුන් ඉදිරි විමර්ශන සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත බාරදී තිබෙනවා.

    Latest News