කතරගම ඇසළ මංගල්‍යය අද 10 වැනි දිනටත් වීදි සංචාරය කෙරේ...

අගෝ 07, 2022

    ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙ‍රහර මංගල්‍යය අද 10 වැනි දිනටත් වීදි සංචාරය කිරීමට නියමිතයි.

    පෙරහර මංගල්‍යය ඊ‍යේ රාත්‍රියේත් වීදි සංචාරය කෙරුණා. පසුගිය 29 වැනි දින ආරම්භ වූ කතරගම ඇසළ පෙරහර නැරඹීමට හින්දු, බෞද්ධ බැතිමතුන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් පැමිණ ඇතැයි, කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක මහතා සඳහන් කළා. ඊයේ රාත්‍රී ආරම්භ කෙරුණු පෙරහර පිටවීදිය ඔස්සේ වල්ලිඅම්මාන් දේවාලය වෙත ගමන් කර, චාරිත්‍ර ඉටු කර නැවත මහා දේවාලය වෙත පැමිණ අවසන් කෙරුණා. ඇසළ පෙරහර ‍මංගග්‍යයට සමගාමීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උත්සවය, 9 වැනිදා උදෑසන 4.00 ට සිදු කිරීමට නියමිතයි. අවසන් මහා පෙරහර, ලබන 11 වැනි දින පවත්වා, පසුදින මැණික් ගගේ දිය කැපීමෙන් අනතුරුව, පෙරහර අවසන් කිරීමට නියමිතයි.

    Latest News