එම අපේක්ෂකයින් ලබන 10 වැනිදාට පෙර ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුයි. මෙම මාසය තුළම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පසුගිය උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණයට පෙනී සිට එම විෂයන් ප්‍රායෝගික පරීක්ෂනයේ එක් කොටසකට හෝ සම්පූර්ණ පරීක්ෂණයට පෙනී නොසිටි අපේක්ෂකයන්ට පමණක් මේ සඳහා ඉල්ලීම් කළ හැකියි. සම්පූර්ණ ප්‍රායෝගික පරික්ෂනය සඳහා පෙනී සිටින ලද අපේක්ෂකයින්ට නැවත මෙම මෙම පරීක්ෂණයට පෙනී සිරීමට අවස්ථාව අහිමි වනවා. විභාග අංකය, නම, විෂය හා වට්ස්අප් සහිත දුරකථන අංකය 071 8156717 යන වට්ස්අප් අංකය වෙත යොමු කිරීමෙන් තම ඉල්ලීම් ඉදිරිපත් කළ හැකියි. නැත්නම් slexamseo@gmail.com යන විද්‍යුත් ලිපිනයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් යොමු කළ හැකියි. ඉදිරිපත් කරන තොරතුරු නිවැරදි වියයුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.