අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු වෙනුවෙන් යළි ඒකරාශී වෙමු - ජනපති පවසයි.

අගෝ 06, 2022

    අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කරවීමටනම් එහි අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු සමග සියලු දෙනා යළි ඒකරාශි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහජන සභාව සමග ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් සමග මේ වන විට සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම සහ රටේ සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ එහිදි දර්ඝ ලෙස සාකච්ඡා කෙරණු බව සිහිපත් කළේය. ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග පමණක් තවම සාකච්ඡා කිරීමට ඇති බව ජනාධිපතිතුමා පැවසීය.

    Latest News