ලබන සතිය තුළ දින තුනක් පමණක් පාසල් පැවැත්වේ...

අගෝ 05, 2022

    ලබන සතිය තුළ දින තුනක් පමණක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    පවතින තත්වයන් හමුවේ බාධාවකින් තොරව පාසල් පැවැත්වීම අමාත්‍යාංශයේ අරමුණයි. පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කළ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා. මීට පෙර ප්‍රකාශයට පත් කර තිබුණේ, සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල පාසල් පැවැත්වීමටයි. එහෙත්, ලබන බ්‍රහස්පතින්දා පොහෝ දිනය වන බැවින් අඛණ්ඩව දින තුනක් පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ‍සිකුරාදා දින නිවෙස් පාදක ක්‍රියාකාරම් හෝ මාර්ග ගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙනු ඇති.

    Latest News