අදින් පසු වැසි තත්වයේ අඩුවක්

අගෝ 05, 2022

    දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අදින් (5) පසු ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් විටින් විට වැසි ඇතිවන අතර, සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

    උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවන අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරුමැද සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. 

    Latest News