ජෝසෆ් ස්ටාලින් රිමාන්ඩ්

අගෝ 05, 2022

    අත්අඩංගුවට ගන්නා ලද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

    පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ජෝශප් ස්ටාලින් මහතා ඊයේ (04) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කෙරිණ. 

    එහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේ සැකකාර ජෝශප් ස්ටාලින් ලබන දොළොස් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

    පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොටුව පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ලංකා බැංකු මාවත අසළ කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන තිබිණ. 

    Latest News