අන්තර්කාලීන අයවැය සැප්තැම්බර් පළමු සතියේ පාර්ලිමේන්තුවට

අගෝ 05, 2022

    සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

    ඒ අනූව, එමගින් ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සමග ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    HE

    HE2

     

    Latest News