අද සිට ඉන්ධන, QR ඇත්නම් පමණයි

අගෝ 01, 2022

    අද (01) සිට QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ පමණක් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.

    වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද අද දිනයේ සිට වලංගු නොවන බවයි අමාත්‍යශය සඳහන් කරන්නේ.

    ඒ අනුව, අද සිට ඕනෑම වාහනයකට QR කේතය ඉන්ධන පිරවුම්හලට පෙන්වා ඉන්ධන ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර, තම වාහනයේ QR කේතයට අදාළව ඉතිරිව ඇති සතිපතා ඉන්ධන කෝටාව පමණක් එසේ ලබාගැනීමේ හැකියාව පවතිනවා.

    මේ අතර කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ යාම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට පැමිණීමේදී මුහුණු ආවරණ පළඳින ලෙස ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News