මන්ත්‍රීවරුන්ට තර්ජනය කර, සමාජ මාධ්‍යවල දැන්වීම් පලකරන පුද්ගලයින් ගැන විමර්ශනයක්

ජූලි 18, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ජාලාවල පළ කෙරෙන බව, නිරීක්ෂණය වී ඇතැයි, පොලිසිය පවසයි.

    ඒ අනුව එවැනි දැන්වීම් පළ කරන පුද්ගලයින් හා ඒවා සකස් කරන, බෙදාහරින, සංසරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානය ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබේ. 

    එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පොලිස් මුලස්ථානය උපදෙස් ලබා දී තිබෙන බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News