බිත්තර වී කිලෝවක් රු.150 බැගින් මිලදී ගන්නා ලෙසට කෘෂිකර්ම දෙපා. උපදෙස්...

ජූලි 03, 2022

    යල කන්නයේ වගා කෙරුණු බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිලදී ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

    අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ ඊට අදාළ අනුමැතිය ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනට බිත්තර වී කිලෝවක් සඳහා රුපියල් 140ක මිලක් නියම කර තිබෙනවා. එම මිල ගොවි ජනතාවගේ පාර්ශවයෙන් සාධාරණ නොවන බැවින් එය රුපියල් 150 දක්වා වැඩි කිරීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ...

    Latest News