පාස්පෝට් නිකුත් කිරීම නව ක්‍රමවේදයකට

ජූලි 02, 2022

    ලබන සඳුදා සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව, අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි. 

    ඔහු කියා සිටියේ විදෙස් රැකියා සඳහා පිටත්වීමට අපේක්ෂිත පිරිස් වෙත කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

    ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම්වල ඉහළ පෙළේ විදේශීය නිලධාරීන්ට වසර 05ක රැකියා වීසා බලපත්‍රයක් නිකුත් කිරීමේ අවස්ථාවට ඊයේ (01) එක්වෙමින්, ඔහු මේ බව පැවසීය.

    Last modified on සෙනසුරාදා, 02 ජූලි 2022 10:32

    Latest News