තවත් ගෑස් නැවක් 5 වැනිදා මෙරටට (වීඩියෝ)

ජූලි 02, 2022
  • මෙරටට පැමිණෙන පළමු ගෑස් තොගය බෙදාහැරීම ලබන 07 වැනිදා සිට ආරම්භ කිරීමට නව වැඩපිළිවෙළක් සකසා ඇති බව, ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ලැබීමට නියමිත මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක ගෑස් තොගයෙන් මෙට්ට්‍රික් ටොන් 30,000ක පළමු කොටසෙන් මෙට්‍රික් ටොන් 3,700ක් ලබන 05 වැනිදා මෙරටට ළගාවීමට නියමිත බවයි, එහි සභාපති මුදිත පීරිස් පවසන්නේ.

    මෙවර ගෑස් බෙදාහැරීමේදී රටට විදේශ විනිමය ගෙන එන ආයතන කෙරෙහි ද විශේෂ ප්‍රමුඛතාවක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

    Last modified on සෙනසුරාදා, 02 ජූලි 2022 13:29

    Latest News