කන්දකාඩු; තවත් රැඳවියන් අත්අඩංගුවට...

ජූලි 01, 2022

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගොස් සිටි තවත් පස් දෙනෙකු පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පසුගියදා පැනගොස් යළි බාරවූ රැඳවියන් 667 දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. එම රැඳවියන් දින 14ක් සඳහා අනුරාධපුරය, මඩකලපුව, දුම්බර හා පොළොන්නරුව යන බන්ධනාගාර වෙත යොමුකර තිබෙනවා. අනතුරුව, ඔවුන් යළි අධිකරණය හමුවට පැමිණවීමට නියමිතයි. රැඳවියන් 53 දෙනෙකු තවමත් අතුරුදන්. ඔවුන් සොයා ආරක්‍ෂක අංශ මගින් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News